Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

L.J.M.D.W.K.බලල්ල මිය

වයඹ පළාතේ දඹදෙණි පුරවරයේ නාරම්මල නගරයේ පිහිටා ඇති අප පාසල අනගාරික ධර්මපාලතුමා වැනි  ශ්‍රේෂ්ඨයන්ගේ පහස ලැබූ ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයකි.. 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම අ.පො.ස සමාන්‍යපෙළ විභහගයෙන් විශිෂ්ඨයන් බිහී කරමින් ගිරිඋල්ල කලාපය අභිමානනීය කරවන  පාසල් අතර අප පෙරමුණ ගන්නා බව සතුටින් සිහිපත්  කරමි.කුඩා භූමි ප්‍රමාණයක පිහිටියද ක්‍රීඩා හා විෂය සමගාමි ක්‍රියාකරකම් වලින් කලාප/පළාත්/සමස්ථ ලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට පාසලේ දූදරුවන් මෙහෙයවන ගුරු පිරිසක් ලැබීම විදුහලේ දූපුතුන්ගේ භාග්‍යයකි. පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි. 

Mrs. L.J.M.D.W.K.බලල්ල මිය
විදුහල්පති
මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය.