පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොණ්ඩය ඒකාකාරව කොටට කපා පොල්තෙල් ආලේප කර පැත්ත්ට පීරා සිටිය යුතුයි.
- කොණ්ඩයට කවර ආකාරයක හෝ කැපුම් මෝස්තර යුදාගෙන පාසල් පැමිණීම තහනම් වේ.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කමිසයේ අත්වල කෙළවර වාටිය වැලමිට සිට අගල් 3ක් ඉහළින් පිහිටිය යුතුය.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ උස (නැගිටින විට ) පෙකනිය මට්ටමේ සිට දණහිසට අගල් 2ක් ඉහළින් පිහිටි මට්ටම දක්වා විය යුතුය.
- කළු පැහැති සපත්තු පැළදිය යුතුය.ඉදිරිපසින් උල් වූ කෙළවර සහිත පාවහන් පාසලට් නොපැළදිය යුතුයි.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-11)
- කොණ්ඩය ඒකාකාරව කොටට කපා පොල්තෙල් ආලේප කර පැත්ත්ට පීරා සිටිය යුතුයි.
- කොණ්ඩයට කවර ආකාරයක හෝ කැපුම් මෝස්තර යුදාගෙන පාසල් පැමිණීම තහනම් වේ.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- සුදු පැහැති ඉන පටිය ඵැළදිය යුතුය.
- කළු පැහැති සපත්තු පැළදිය යුතුය.ඉදිරිපසින් උල් වූ කෙළවර සහිත පාවහන් පාසලට් නොපැළදිය යුතුයි.
- කමිසයේ අත්වල කෙලවර වාටිය වැලමිට සිට අගල් 3ක් ඉහළින් පිහිටිය යුතුය.
- පිටුපස සාක්කු ගණය එකකි.
- කලිසමේ කකුල් කෙලවර වාටිය,වට ප්‍රමාණය අවම වශයෙන් අගල් 15 වත් වන ලෙස මසා සකස් කරවා ගත යුතුයි.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (1-11)
- හිස මුදුනින් කොණ්ඩය දෙකට බෙදා කොණ්ඩා කරල් දෙකක් සිටින සේ ගොතා කෙළවර කළු පැහැති රිබන් පටි දෙකකින් ගැටගසා සිටිය යුතුය.පොල්තෙල් ස්වල්පයක් ආලේප කිරීම අවශ්‍යයි.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- සුදු පැහැති අත් කොට රැළි ගවුමකි.
- ශිෂ්‍යාව බිම දණගසා සිටින විට විටක ගවුමේ වාටිය බිම ගෑවෙන තරමේ උසක් සහිතව ගවුම මසා සකස් කරවා ගත යුතුයි.
- සුදු පැහැති සපත්තු හා මේස් පැළදිය යුතුය.(ස්නීකර්ස් වර්ගයේ)
- කොණ්ඩයට කවර ආකාරයක හෝ කැපුම් මෝස්තර යොදාගෙන පාසල් පැමිණීම තහනම් වේ.
- කොණ්ඩය දෙකට බෙදා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.








