Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

නාලක ජයකොඩි

වයඹ පළාත් ඓතිහාසික දඹදෙනි පුරවර හෝ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ අලව්ව කොට්ඨාශ අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් අප පාසල දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. පාසලේ තොරතුරු තාක්ෂණ අංශය පසුගිය වසර කිහිපය තුළදී අධ්‍යාපනය සදහා විශාල දායකත්වයක් ලබා දී ඇත.එහිදී විශේෂයෙන්ම කොරෝනා වසංගත කාලය තුළදී දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාම සදහා විදුහල්පතිතුමියගේ මග පෙන්වීමන් හා තොරතුරු තාක්ෂණ  විෂය භාර ගුරුතුමියගේ මූලිකත්වයෙන්  YOU TUBE නාලිකාවක් සහ ක්‍රමවත් වැඩසටහනකට අනුකූලව මාර්ගගත නාක්ෂණය හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට හැකි විය.මෙම වෙබ් අඩවියද ඵලදායි ලෙස යොදා ගනිමින් දරුවන්ගේ  අධ්‍යාපනය දියුණු කර ගැනීමට යොදාගත හැකිවේවායි මගේ පැතුමයි.

Mr. නාලක ජයකොඩි
නියෝජ්‍ය විදුහල්පති
මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය.