පාසලේ ඉතිහාසය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

ඉතිහාසය

දැනට ලැබී ඇති තොරතුරු අනුව නාරම්මල  ප්‍රදේශයේ ආරම්භ වී ඇති මුල්ම පාසල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය යි.1890 ට පෙර මේ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබා දීමට කිසිම ආයතනයක් තිබූ බවට මොනයම් හෝ සාක්ෂියක් සොයාගෙන නැත.මාතලේ ප්‍රදේශයේ දෙල්විට නම් ගමෙහි සිට භික්ෂූන් වහන්සේ නමක් මැදගොඩ පන්සලට මේ අවධියේදී පැමිණි බව කියවේ.මේ සම්බන්ධ උඩදෙල්විට ගමේ සිටි ඒ.එම්.අප්පුහාමි නම් අයෙකු ගම් දෙක අතර ආ ගිය බව සඳහන් වේ.ඔහු පන්සල් දෙක ඇසුරින් අධ්‍යාපනය ලැබූ අයෙකු බව කියැවේ.

දැනට නාරම්මල කනිෂ්ඨ විද්‍යාලයට යාබද ඉඩම එදා ගංගොඩේවත්ත යන නමින් හැඳින්විය.එහි පොල්කොට වලින් තාවකාලික මඩුවක් සාදා ළමුන් කීපදෙනෙකුට අකුරු ඉගැන්වීට මුල් වූයේ ඉහත කී ඒ.එම්.අප්පුහාමි මහතායි.මෙම කාල වකවානුව තුළ අනගාරික ධර්මපාලතුමන්ද මෙම ස්ථානයට වැඩම කර ඇත.ඒ බවට මෙම තාවකාලික අනගාරික ධර්මපාල තුමන් ඇතුලු පිරිස ගත් ඡායාරූපයක් විද්‍යාලයේ ඇත.මෙම ඡායාරූපය පරිත්‍යාග කර ඇත්තේ පූජ්‍ය පාද මීවැල්ලාවේ සද්ධානන්ද ස්වාමීන්වහන්සේ ය.තාවකාලික මඩුවේ පන්තියක් දෙකක් පවත්වාගෙන යන අතරේදී තාවකාලික මඩුව එම ඉඩමෙන් ඉවත් කර ගැනීඹට සිදු විය.මේ වකවානුවේදී ඉහත කී ගංගොඩ වත්ත අයත්ව තිබුනේ රම්මුතුගල ප්‍රධාන පරපුර හා බලවත් ඉඩම් හිමියකු වන සෙහෙන්දිරාල ආරච්චිලටය.මේ අය තම ඉඩම විකිණීම කළෙන් උතුරු පැත්තේ කෙළවරේ අක්කර භාගයක පමණ බිම පාසල සඳහා වෙන්කොට පරිත්‍යාග කර ඇති බව කියවේ.සෙහෙන්දිරාළ අරච්චිල පරිත්‍යාග කළ ඉඩමේ රජයෙන් ප්‍රථම පාසල මේ ප්‍රෙද්ශයේදී ඉදිකරන ලදී.

සාමාන්‍යෙයන් මෙය සිදු වූයේ 1904 දී බව සඳහන් කරන්නේ පාසල ආරම්භක විදුහල්පතිවරයාගේ දියණියයිනෙත්තිපොල ගෙදර මහතා මෙම පාසලේ ප්‍රථම මුල් ගුරුවරයාය.ඔහුගේ නම එම්.ඩී.සමරනායකය.ඔහු අන් අයෙකු නොව පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විදුහලේ විදුහල්පතිව සිටි ඩබ්ලිව්.සමරනායක මහතාගේ පියාය.