
A.M.අප්පුහාමි යන අය නාරම්මල කණිෂ්ඨ විද්‍යාලයට යාබද “ගංගොඩේවත්ත” නමින් හදුන්වන ඉඩමෙහි පොල්කොට වලින් තාවකාලික මඩුවක් සාදා ළමුන් කිහිප දෙනෙකුට අකුරු ඉගැන්වීමට කටුයුතු කළ බවට සාක්ෂි ඇත. මෙම කලවකවානුව තුළ අනගාරික ධර්මපාල තුමන්ද මේ ස්ථානයට පැමිණි බව එතුමා ඇතුලු පිරිස ගත් ඡායා රූපයෙන් සනාථ වේ.
මෙම තාවකලික මඩුවේ පන්තියක් දෙකක් පවත්වා ගෙන යන අතර මෙම මඩුව එම ඉඩමෙන් මෙම මඩුව ඉවත් කර ගැනීමට සිදු විය.එහිදී සොහෝදිරාල ආරච්චිල විසින් අක්කර ½ පමණ බිම් කොටසක් පාසලට පරිත්‍යග කල අතර එහි ඉදිකල ගොඩනැගිල්ලක පාසල නැවත ආරම්භ කරන ලදී.1904 මෙම ප්‍රදේශයේ රජයෙන් ඉදිකල ප්‍රථම පාසල මෙය වන අතර එහි මුල් ගුරුවරයා වූයේ එම්.ඩී.සමරනායක හෙවත් නෙත්තිපොල ගෙදර මහතා ය.






